ABLIC S-8254AA 3/4S BMS MODIFICATION
මේ BMS එක, එහෙමත් නැත්නම් බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එක ඔයගොල්ලන්ට නිතර හමුවෙලා ඇති 18650 ලිතියම් අයන් (li-ion) බැටරි පැක් එකලස් කරද්දි. විශේෂයෙන් 20A වගේ හයිකැපෑසිටි පැක් හදද්දියි මේ BMS එක නිතරම අපි යොදාගන්නෙ. සමහර අය මේක පාවිච්චි කරද්දි ගැටලුවකට මුහුණදීලා ඇති, වෙලඳපොලෙන් මේක සෙල් 3 (3 Cell) කියල දුන්නට, සෙල් තුන දාලා සෙට් කලාම වැඩකරන්නෙ නෑ. ඒකට හේතුව මේක 3 සෙල් (3 Cell) සහ 4 සෙල් (4 Cell) කියන මොඩ් දෙකටම සපෝට් වීම සහ නිෂ්පාදකයන් විසින් එය මොඩියුලයේ මුද්‍රණය කර නොතිබීම. ඉතින් අපිට ගොඩක් වෙලාවට මාකට් එකෙන් හමුවෙන්නෙ මේකෙ 4 සෙල් එක. හැබැයි ඉතාම පහසුවෙන් මේක අපිට 3 සෙල් විදියට හරවගන්න පුළුවන්. මේ පහල ඉමේජ් එකේ පෙන්වා තියන වෙනස්කම් දෙක පමණයි සිදුකරන්න තියෙන්නෙ.
පහලම තියන 102 රෙසිස්ටරය ඊතලයේ තිබෙන තැනට සෝල්ඩර් කරලා. ඒ පේලියේම දකුණු පස අවසානයට තිබෙන හිස් සෝල්ඩර් පොයින්ට් දෙක ෂෝට් (bridge) කරන්න විතරයි තියෙන්නෙ. හැබැයි ඊට පස්සෙ සෙල් මොනිටර් කරන VL(Voltage High),VM (voltage Mid),VH (voltage High) කියන පොයින්ට් තුනෙන් VL කියන එක අක්‍රීය වෙනවා, බැටරි මොනිටර් පොයින්ට්වල VM කියන තැන VL බවටත් VH කියන තැන VM බවටත් පත්වෙනවා. බැටරි පැක් එකේ අදාල තැන්වලට පිලිවෙලින් සම්බන්ධ කරන්න.


Comments
Post a Comment