Skip to main content

Posts

Featured

  ABLIC S-8254AA 3/4S BMS MODIFICATION         මේ BMS එක, එහෙමත් නැත්නම් බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එක ඔයගොල්ලන්ට නිතර හමුවෙලා ඇති 18650 ලිතියම් අයන් (li-ion) බැටරි පැක් එකලස් කරද්දි. විශේෂයෙන් 20A වගේ හයිකැපෑසිටි පැක් හදද්දියි මේ BMS එක නිතරම අපි යොදාගන්නෙ. සමහර අය මේක පාවිච්චි කරද්දි ගැටලුවකට මුහුණදීලා ඇති, වෙලඳපොලෙන් මේක සෙල් 3 (3 Cell) කියල දුන්නට, සෙල් තුන දාලා සෙට් කලාම වැඩකරන්නෙ නෑ. ඒකට හේතුව මේක 3 සෙල් (3 Cell) සහ 4 සෙල් (4 Cell) කියන මොඩ් දෙකටම සපෝට් වීම සහ නිෂ්පාදකයන් විසින් එය මොඩියුලයේ මුද්‍රණය කර නොතිබීම. ඉතින් අපිට ගොඩක් වෙලාවට මාකට් එකෙන් හමුවෙන්නෙ මේකෙ 4 සෙල් එක. හැබැයි ඉතාම පහසුවෙන් මේක අපිට 3 සෙල් විදියට හරවගන්න පුළුවන්. මේ පහල ඉමේජ් එකේ පෙන්වා තියන වෙනස්කම් දෙක පමණයි සිදුකරන්න තියෙන්නෙ.     පහලම තියන 102 රෙසිස්ටරය ඊතලයේ තිබෙන තැනට සෝල්ඩර් කරලා. ඒ පේලියේම දකුණු පස අවසානයට තිබෙන හිස් සෝල්ඩර් පොයින්ට් දෙක ෂෝට් (bridge) කරන්න විතරයි තියෙන්නෙ. හැබැයි ඊට පස්සෙ සෙල් මොනිටර් කරන VL(Voltage High),VM (voltage Mid),VH (voltage High)  ක...

Latest Posts